Monday, November 14, 2011

ලොව වටා පිහිටි සුවිශේෂී පුස්තකාල

කියවීම කියන්නෙ සුන්දර දෙයක්. කියවනන් කියන්නෙ සුන්දර හදවත් ඇත්තන්. ඔවුන් සදහාම ඉදිවුන සිහින මාළිගා තමයි පුස්තකාල කියන්නෙ. කියවන්නන් මෙම මාළිගා තුල සුන්දර සිහින දකිමින්, විශ්වීය දැනුම ලබමින් සැරිසරනවා.
මේ සදහා ලොව වටා පුස්තකාලයන් අති විශාල සංඛ්‍යාවක් ඉදිවෙලා තියෙනවා. ඒ ප්‍රමානය සංඛ්‍යාත්මකව ලක්ෂ ගණනක්. ඒ අතරින් අති සුවිශේෂී ලෙස ඉදිකරපු පුස්තකාලයන් කිහිපයක් පහත දැක්වෙනවා.

Trinity College Library – University of Dublin


Library of Congress | Washington, D.C.
මෙය ඇමරිකානු ජාතික පුස්තකාලයන් අතර ප්‍රමුඛස්ථානය හිමි කරගන්නා පුස්තකාලයයි. පොත් ප්‍රමාණය හා රාක්ක ධාරිතාවෙන් මෙය ලොවෙ විශාලතම පුස්තකාලයයි. මෙහි ඇති පොත් ප්‍රමාණය මිලියන 22.19ක්.




Bibliotheca Alexandrina | Alexandria, Egypt
ඊජිප්තු ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පිහිටා ඇති මෙය නගරයේ ප්‍රධානතම සංස්කෘත මධ්‍යස්ථානය හා පුස්තකාලය වෙනවා. අතීතයේ ඔවුන් සතු වූ ප්‍රෞඩ ඉතිහාසය සිහිපත් වෙන වස් මෙය ඉදිකර තිබෙනවා.






Kirby Library, Lafayette College | Easton, Pennsylvania, USA





Abbey Library of St. Gall | Switzerland
ආගමික කෘති අඩංගු මෙය ස්විට්සර්ලන්තයේ පෞරාණිකම පුස්තකාලයයි. මෙහි 8වන සියවසේ සිට 15වන සියවස දක්වා ලියවුනු ආදි කෘතීන් 2100ක පමණ මුල්පිටපත් මෙහි අඩංගු වෙනවා. ඒ වගේම කෘති 1650ක පමණ ආදි මුද්‍රණයන්ගෙන් සමන්විත වෙනවා. පුස්තකාලය පොත් 160000කින් සමන්විතයි. 







Vancouver Public Library | British Columbia, Canada






Seattle Public Library | Washington, USA
මෙය සියැටල් පුස්තකාල පද්ධතියේ ප්‍රධාන පුස්තකාලයයි. තට්ටු 11කින් සමන්විත මෙය වර්ග අඩි 362,987 (34,000 m²) කින් සමන්විතයි. වරකට මෙහි කෘතීන් මිලියන 14.5 ක් පමණ රදවා තැබිය හැකිබව කියවෙනවා. ඒ වගේම මෙහෙදී පුද්ගලයන් 400කට පමණ එකවර පරිඝනක පහසුකම් සලසාගත හැකියි. වසරකට මිලියන 2ක් පමණ මෙම ස්ථානය වෙත ඇදී එනවා.


7 comments:

උදාර said...

මේවා බලලා අපේ ඒවා ගැන හිතුවහම ඇඬෙනවා ඕයි....

නාට්‍යකාරයා said...

thani ahata neda?

ලියන්නා said...

Eththatama..Ape ratata thawa sehenna durank yanna thiyenawa me ratawal 1950di withara idapu thanata ennath.. :(

දිල් said...

අපූරු පෝස්ටුවක්..තැන්කූ විස්තරවලට

Great Pubudu said...

Interesting
Nice Article.

ලියන්නා said...

ස්තුතියි ඔබේ සහයෝගයට !!!

Anonymous said...

ලොව වඩාත්ම බුද්ධිමත්ම උගතුන් බිහිවුයේ පුස්තකාලයන්හි ආභාසය ලබාගෙනය...