Sunday, November 13, 2011

ක්‍රිකට් ඉතිහාසයේ උද්වේගකරතම අවස්ථා



ජාවිඩ් මියෙන්ඩෑඩ්, ඩෙනිස් ලිලී ගැටුම
වර්ෂ 1981 ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවති ටෙස්ට් තරගයකදී ජාවිඩ් මියෙන්ඩෑඩ් ලකුණක් සදහා දිව යද්දි ඩෙනිස් ලිලී එල්ල කරපු පා පහරක් නිසා කලබලය ආරම්භ උනා. තරගයේ විනිසුරු ටෝනි ක්‍රාෆ්ටර් මැදිහත් වෙලා තත්වය සමනය කලා. මෙම සිදුවීම නිසා ඩෙනිස් ලිලීට දැඩි දෝෂාරෝපන එල්ල උනා.



1995 දී මුල්වරට මුරලිදරන්ගේ පන්දු යැවීම අභියෝගයට ලක් වීම.
මෙල්බෝන් නගරයේ පැවති ටෙස්ට් තරගයකදී විනිසුරු ඩරල් හෙයාර් මුරලිගේ පන්දු යැවීම නීති විරෝදී ලෙස සටහන් කලා. කෙසේ නමුත් මෙය මුරලිගේ අතේ පිහිටීමක් නිසා ඇති වුන තත්වයක් යැයි නිගමනය කල ICCය ඔහුට නැවත පන්දු යැවීමට අවසර දුන්නා. මෙම සිදුවීමෙන් වඩාත් පන්නරය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානයත් දිනා ගත්තා.



රොස් එමර්සන්, අර්ජුන රණතුංග ගැටුම
මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීම නීත්‍යානුකූලයැයි ICCය නිර්දේශ කලත් නැවත් වතාවක් 1999දී රොස් එමර්සන් විනිසුරුවරයා නැවත වතාවක් මුරලිගේ පන්දු නිපන්දු ලෙස සටහන් කිරීම නිසා මෙම උණුසුම් තත්වය ඇති උනා. කන්ඩායම් නායක අර්ජුන රණතුංග මෙම අවස්ථාවේ රොස් එමර්සන් සමග බහින් බස් වී කණ්ඩායම පිටියෙන් ඉවතට ගෙනගියා.



ට්‍රෙවොල් චැපල්ගේ අත යටින් යැවූ පන්දුව
මෙය ක්‍රිකට් ඉතිහාසයේ නින්දා සහගතම සිද්දිය ලෙසත් සමහරු හදුන්වනවා. මෙහිදී තරගය පැවැත්වුනේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර. තරගය ජයග්‍රහනය සදහා නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දුවට ලකුනු 7ක් අවශ්‍යව තිබුනා. මේ අවස්ථාවෙදි පන්දු යවමින් ඉදපු ට්‍රෙවර් චැපල්, කණ්ඩායම් නායක ග්‍රෙග් චැපල්ගෙ උපදෙස් අනුව අත යටින්(බිම දිගේ) පන්දුව යවමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා. මේ වකවානුවෙ මේ පන්දුව නීති විරොදී කරල තිබුනෙ නෑ. එම නිසා ඕස්ට්‍රේලියාව තරගය ජයගතත් ඔවුන්ට එල්ල උන දෝෂාරෝපණ සුලුපටු නෑ.



පන්දුව උරහිසේ වැදී LBW ලෙස දැවී යාම
මේ විදියේ දැවීයාමක් වාර්තා වුන එකම අවස්තාව ලෙසත් මේක හදුන්වනවා. මෙහිදී සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මැක්ග්‍රාත්ගෙ පන්දුවක් හමුවේ දැවී ගියා. විනිසුරු ඩැරල් හාපර් තමයි දැවීයාමක් ලෙස තීරණය ලබා දෙන්නෙ.



බ්‍රයන් ලාරාගේ ටෙස්ට් වෙඩිම ලකුනු ලෝක වාර්තාව
වසර 1994 අප්‍රේල් 18 වනදා බ්‍රයන් ලාරා විසින් එතෙක් දරා සිටි ටෙස්ට් වැඩිම ලකුනු වාර්ථාව තමන් සතු කරගත්තා. ඒ එංගලන්තයට එරෙහිව. වාර්තාව පිහිටුවා නැවත ක්‍රීඩාගාරය වෙත එනවිට කණ්ඩායමේ අනික් සගයන් ඔහුව පිළිගත්තෙ මේ ආකාරයට.



මැල්කම් මාර්ෂල්ගේ පන්දුවකට මයික් ගැටින්ගේ නාසය කැඩීයාම
ඉදිරිපස ආවරණ සහිත හිස් ආවරණ අතීතයේදී දුර්ලභ දෙයක් වුනා. 1986 පෙබරවාරි 18 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මැල්කම් මාර්ෂල්ගෙ බවුන්සර් පන්දුවකට මුහුන දෙන්න ගියපු ජැමේකා ක්‍රීඩක මයික් ගැටින්ට මෙම අකරතැබ්බයට මුහුණ දෙන්න සිද්ද වුනා.



අරුම පුදුම ලකුනු පුවරුව
ශ්‍රී ලාංකික සුපිරි පන්දු යවන්නෙක් වූ චමින්ද වාස්ගෙ විශිෂ්ට දක්ෂතා ඉදිරියේ ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමට මෙම අභාග්‍ය සහගත තත්වයට මුහුණ පාන්න සිද්ද වුනා.



යුවරාජ්ගේ 6*6
2007 වසරේ පැවති XX20 ලෝක කුසලානෙදි එංගලන්ත පන්දු යවන ස්ටුවට් බ්‍රෝඩ්ට එරෙහිව ඔහු මේ ප්‍රහාරය දියත් කලා. ඊට සුලු මොහොතකට පෙර යුවරාජ්, ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් සමග ඇති කරගත් දබරයත් ඔහුගෙ මේ ආවේගශීලි ප්‍රහාරයට බලපාන්න ඇති බවයි විචාරකයන්ගෙ අදහස.


4 comments:

ashen malinda said...

නියමයි හොදෙ,,,,,,,,

Dega said...

පට්ට ඈ.......

උදාර said...

මේ වගේ ටිකක් දිගටම දාමු....

ලියන්නා said...

අනිවා..