Saturday, November 12, 2011

ප්ලාස්ටික් බෝතල් පාවිච්චිය පරිස්සමින් !!!

අපි හැමෝම ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරනවා. ඒත් ඒ පිටිපස්සෙ හැංගිච්ච අවධානම කීයෙන් කී දෙනෙක් දන්නවද කියන එකනම් ප්‍රශ්නාර්ථයක්. මට ලැබුන මේ mail එක ඒ පිළිබද සවිස්තර වාර්තාවක්. මෙතැන් සිට පළවෙන්නේ ඒ mail එක අසංෂිප්තව.




ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ


හදුනාගන්න තියෙන ක්‍රමය තමයි බෝතලයේ හෝ එම ප්ලාස්ටික් වස්තුව මත තබා ඇති ත්‍රිකේණයක් සහිත සලකුණ. මේ ත්‍රිකෝණය තුල අංක එක (1) සඳහන්වනවානම් එය Polyethylene Terephthalate (PET or PETE) වර්ගයට අයත් ප්ලාස්ටික් වලින් නිපදවූවක්


එසේම මේවා එක්වරකට වඩා භාවිතය සුදුසු නොමැති බව අවධාරණයෙන් සඳහන් කලයුතුයි මෙහි ඇති තුනී බවත් නිෂ්පාදිත ජලයේ දියවන යම් යම් රසායනික අමුද්‍රව්‍ය නිසාත් එක්වරකට වඩා භාවිතය සුදුසු නැති බව විද්වතුන්ගේ අදහසයි ඒබව මධ්‍යම පරිසර අධිකාරිය විසින්ද අනුමත කොට ඇත.

එසේම මීළඟට බහුල වශයෙන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය High Density Polyethylene (HDPE) වශයෙන් හදුන්වයි එම වර්ග හදුනාගැනීමට ඇති ක්‍රමය නම් ත්‍රිකෝණය සහිත සලකුණ මත අංක දෙක (2) සටහන් කොට තිබීමයි


එම ප්ලාස්ටික් වර්ගයෙන් සාදන ලද බෝතල් පහත ආකාරයෙන් දැකිය හැකිය


මේවා කෙටි කාලයක් භාවිතා කිරීමට සුදුසු වුවත් දීර්ගකාලීනව පරිහරණයට නුසුදුසුබව පෙන්වා දෙයි

දිර්ඝ කාලීනව වුවත් භාවිතා කළ හැකි එමෙන් කාලයක් ජලය ගභඩාකොට පවා තබාගත හැකි ප්ලාස්ටික් වර්ග ද කිහිපයක් ඇත ත්‍රිකෝණය සහිත සලකුණේ මැද අංක තුන හෝ තුනට වඩා වැඩි අගයක් සටහන් කර ඇත්නම් එම බෝතල් දීර්ඝ කාලීන පරිහරණයට වුවත් සුදුසු ඒවාය.ඒම බෝතල් භාවිතයෙන් ශරීරයට හානියක් නොවන බවද පවසයි අංක තුනට වඩා අඩු අගයන් සටහන් කර ඇති බෝතල් දීර්ඝ කාලීන භාවිතයෙන් ඉවත් කිරීමට අප වගබලා ගත යුතුය.


 














(01) PETE
        Polyethylene Terephthalate (PET or PETE)
(02) HDPE
       High Density Polyethylene (HDPE)
(03) PVC
       Polyvinyl Chloride (PVC)
(04) LDPE
       Low Density Polyethylene (LDPE)
(05) PP
        Polypropylene (PP)
(06) PS
        Polystyrene (PS)
(07) Other Plastics

No comments: