Thursday, December 29, 2011

෴|මුකේෂ් අම්බානිගේ නවතම Yacht යාත්‍රාව

මුකේෂ් අම්බානි කිව්වම විශේෂයෙන් හදුන්වලා දෙන්න දෙයක් නෑනෙ, ඉන්දියාවෙ වගේම ලෝකයේම ඉන්න සුපිරි ධනවතෙක්. ඔහු මෑතකදී ඉල්ලුම් කරපු yacht යාත්‍රාවේ තොරතුරු අඩංගු mail එකක් මට ලැබුනා subscribe වෙලා ඉන්න mailing-list එකකින්. මේ තියෙන්නෙ එහි අඩංගු වුන විස්තර.


යාත්‍රාව හදන්න භාර අරගෙන තියෙන්නෙ ප්‍රංශ shipbuilder සමාගම සහ monaco සමාගමක්. මේ සුපිරි යාත්‍රාව දිගින් මීටර 58 ඒ වගේම පළලින් මීටර 38ක්. ඇස්මේන්තුගත වියදම යූරෝ මිලියන 20ක්.


යාත්‍රාව වර්ග මීටර 3400ක පරිහරණය කලහැකි භූමි ප්‍රදේශකින් සමන්විත අතර මගීන් 12කට හා නැවියන් 20කට පහසුකම් සලසනවා.



එහි වර්ග මීටර 900ක පැතිරුනු සූර්ය කෝශ පද්ධතියක් පවතින අතර ඒ මගින් කිලෝ වොට් 500ක පමණ විදුලි ධාරිතාවක් නිපදවෙනවා. මෙම ශක්තිය යාත්‍රාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 20-30% ප්‍රමාණයකටද විදුලි සැපයුමෙන් 40-50% ප්‍රමාණයක්ද සපුරා ගැනීමට යොදා ගන්නවා.


යාත්‍රාව තට්ටු 3කින් සමන්විතයි. තට්ටු 3 යාකරමින් තරප්පු පෙලවල් හා විදුලි සෝපාන දිව යනවා. යාත්‍රාව තුල මීටර 25ක නාන තටාකයක්, ජිම් එකක්, සම්භාහන හලක්, සක්මන් මලුවක්, චිත්‍රපට ශාලාවක්, සංගීත ශාලාවක්, සූර්යතාපය ලැබීමට ශාලාවක්,හෙලිකොප්ටර් සදහා අංගනයක් අඩංගුයි.





කෑම කාමරය බිම් මහලේ පිහිටා තිබෙන අතර සමුදුර දර්ශනයෙන් සමන්විතයි.


අමුත්තන් සදහා වෙන්වුනු කාමර 5ක් පමන ඇති අතර ඒවාද සමුද්‍ර දර්ශනයන්ගෙන් පොහොසත්.



මුකේෂ් අම්බානි


Wednesday, December 21, 2011

Hyper Realistic චිත්‍ර කලාව

සරලව කිව්වොත් මේ කියන්නෙ චිත්‍ර තුලින් සත්‍ය ලෝකයේ දර්ශනයන් මැවීමේ කලාව.  1960 අගභාගය හා 1970 මුල් භාගයේදි ඇමරිකාව තුල තමයි මෙම චිත්‍ර කලාවෙ ආරම්භය සිදුවෙලා තියෙන්නෙ. මෙම චිත්‍ර ශිල්පීන් කලින් ලබාගත් අධි පැහැදිලි(High Defenition) ඡායාරූපයක් ගුරුකොට ගෙන නිර්මාණකරණයේ යෙදෙන්න රුචිකත්වයක් දක්වනවා. රොබොටෝ බර්නාඩි, ස්ටීව් මිල්ස්, එරික් ක්‍රිස්ටියන්, ඩොන් එඩී මෙම චිත්‍ර කලාවෙ පතාක යෝධයන් ලෙස සලකනවා. මෙම චිත්‍ර ශිල්පීන් නිර්මාණකරණ සදහා භාවිතා කරන්නෙ බෝල් පොයින්ට් පෑන්. එක් චිත්‍රයක් සදහා පෑන් කිහිපයක් උපයෝගී කරගන්නවා. වසර 2002 න් පස්සෙ මෙම Hyper Realistic චිත්‍ර කලාවෙ පුනරුදයක් දකින්න ලැබෙනවා. මේ තියෙන්නෙ එම වර්ගයට අයත් චිත්‍ර පෙළක්. හිතා ගන්නවත් බෑ නේද මේවා අතින් ඇදපුවා කියලා.














































Monday, December 19, 2011

වයස අවුරුදු හතරේ විලාසිතා නිරූපිණිය-ක්‍රිස්ටිනා පිමෙනෝවා

ක්‍රිස්ටිනා පිමෙනෝවා කියන්නෙ වයස අවුරුදු හතරක ගෑණු ලමයෙක්. ඒත් ඇය දැන් ලෝකප්‍රකත විලාසිතා නිරූපිණියක්. ඇය රුසියානු ජාතික වන අතර 2005 දෙසැම්බර් 5 වන දින මෙලොව එලිය දුටුවා.
ඇයගේ වෙබ් අඩවිය
http://kristinapimenova.com





























Saturday, December 17, 2011

facebook Zuckerberg ගෙ පෞද්ගලික ඡායාරූප එකතුවක්

Zuckerberg කිව්වම කවුද නොදන්නෙ.. මිනිහගෙ අලුත් ඡායාරූප කිහිපයක් ලැබුනා වැඩිය ප්‍රසිද්ධ නැති. මේ තියෙන්නෙ ඒ සෙට් එක. පේන විදියටනම් මෑන් බූල් බල්ලන්ටනම් ගොඩක් ආසයි වගේ.