Tuesday, November 29, 2011

මනුෂ්‍ය සංහතියේ අමනුස්සකම් !!!

මේක මට ලැබුන mails අතර මගෙ හිත ගොඩක්ම සසල වුන mail එකක්. අපි මිනිස්සු විදියට මේ තරම් කල් ආපු මාර්ගය හරිද කියලා දෙපාරක් හිතන්න පොළඹවන mail එකක්. ලෝකයේ සම්පත් බෙදී යන්නෙ සාධාරණ විදියට නෙමෙයි කියන එකට මේක සාක්ෂි සපයනවා. ඇමරිකාවේ දරුවො අතර අධිපෝෂයණය පැතිරෙන අතරෙ ගොඩක් රටවල දරුවො කෑමට දෙයක් හොයමින් කුනු ගොඩවල් අවුස්සනවා. ධනවාදයේ ඇත්ත ස්වරූපය මේක තමයි. ධනවාදය යටතේ වෙන රටක් අද ඇමරිකාව වෙනුවට ලෝක බලවතා වුනත් මේ දේ වෙනස් වෙන්නෙ නෑ.
























Monday, November 28, 2011

හමුදා ජීවිතය නීරසද ?

හමුදා සෙබලා කිව්වම මතක් වෙන්නෙ සටන්කාමී, නිතරම තුවක්කුවත් එක්ක ජීවත් වෙන මිනිසෙක්ද? නිතරම සටනට බර පුද්ගලයෙක්ද? ඒත් ඔවුන්ගෙ සැබෑ ජීවිත ඊට වඩා ගොඩක් වෙනස්. ඔවුනුත් නිතරම කැමතියි අපි වගේම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න.මේ ඡායාරූප පෙළ ඊට සාක්ෂි දරාවි.













Thursday, November 24, 2011

මිසයිල ගුනවනට මුදාහැරෙන මොහොත (අධිවේගී ඡයාරූපකරණය )

කාර්මික විප්ලවයෙන් පස්සෙ ලෝකය පුරා තාක්ෂණික විප්ලවයක් ඇති වුනා. ඒත් එකකම ඉබිගමනින් දියුණු වේගෙන ආපු තාක්ෂනයන් සීඝ්‍ර වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. කැමරාකරණය කියන්නෙත් ඒ ඔස්සේ සීඝ්‍ර දියුණුවක් ලබපු තාක්ෂනයක්.
අද වෙනකොට කැමරාකරණ තාක්ෂණයේ නව පරීක්ෂණ සිදුවෙන මානයන් තමයි පැනෝරාමා පින්තූර, අධිවේගී ඡායාරූපීකරණය, චලනයන් සහිත නිශ්චල ඡායාරූපීකරණය, අධික අන්තර්ගතයක් සහිත ඡායාරූපීකරණය ආදිය.
මේ එක් එක් තාක්ෂණයන්ගෙන් නිර්මිත විවිධ ඡායාරූප ඔබ වෙත ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ එක් එක් මාදිලියට අයත් mail මට ලැබිලා තියෙන නිසා. :D
අද මම ඉදිරිපත් කරන්නෙ අදිවේගී ඡායාරූපකරණයට අයත් පින්තූර පෙලක්. මෙහි දැක්වෙන්නෙ විවිධ මාදිලියට අයිති මිසයිල පෙලක් ගුවනට මිදාහැරුනු ගමන් ගනිපු ඡායාරූප.. මේ තාක්ෂනයේ අරුමය බලලම ඉන්නකො..















Wednesday, November 23, 2011

නයගරා ඇල්ල මිදිලා (ක්‍රි.ව. 1911)


නයගරා ඇල්ල කියලා හදුන්වන්නෙ ඇමරිකන් ඇල්ල(Amarican Falls), බ්‍රයිඩ්ල් වේල්(Bridal Veil Falls) ඇල්ල, හෝර්ස්ෂෝ(Horseshoe Falls) අල්ල කියන දිය ඇලි තුනේ එකතුව. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකානු හා කැනඩා දේශසීමාවේ. ඇල්ලට නිව්යෝර්ක් නගරයේ ඉදලා කි.මි. 121 ක පමන දුරක් තිබෙනවා. ඇල්ලෙ ජල ඝනත්වය තත්පරයට වර්ගමීටර 2407ක් පමණ වෙනවා. 
මේසා විශාල ඇල්ලක ජලය මිදිලා අයිස් බවට පත් වුනා කිව්වොත් ඔබට ඒක විශ්වාස කරන්න පුලුවන්ද? අවසන් වරට ඒක සිද්ධ වුනේ ක්‍රි.ව.1911 දි. මේ තියෙන්නෙ එහිදී ගනිපු ඡායාරූප පෙලක්.






නයගරා ඇල්ලෙ සාමාන්‍ය දර්ශනයක්

Monday, November 21, 2011

ඩොලර් නෝට්ටුවෙන් වැඩකිඩ (ඔරිගම්)

වොන් පාර්ක් තමයි මේ විශ්මිත නිර්මාණකරුවා. ඔහු වෘත්තීමය ඔරිගම් නිර්මාණකරුවෙක්. වොන් තමන්ගෙ නිර්මාණ අමුද්‍රව්‍ය විදියට යොදාගන්නෙ ඩොලර් නෝට්ටුයි. තනි ඩොලර් නෝට්ටුව හෝ නෝට්ටු කිහිපයක් එක කරමින් අපූරු නිර්මාණ කරන්න ඔහු සමත්කම් දක්වනවා.
තවත් විශේෂිත දෙයක් තියෙනවා.ඒ තමයි මේ සුවිශේෂී නිර්මාණ කරුවා ජීවත්වෙන්නෙ සකස්කරගන්නා ලද කුනු ගෙනයන ට්‍රක් එකක. එහි ඡායාරූප කිහිපයකුත් අන්තිමට දක්වලා තියෙනවා.


තනි ඩොලරයේ මාලුවා

තනි ඩොලරයේ වවුලා

තනි ඩොලරයේ කැමරාව

ඩොලර් දෙකේ මකුලුවා

තනි ඩොලරයේ ෂාර්ක්


තනි ඩොලරයේ ජෙට් එක


තනි ඩොලරයේ පෙන්ගුයින්

තනි ඩොලරයේ ගෝනුස්සා

තනි ඩොලරයේ හැමර් ෂාර්ක්

ඩොලර් දෙකේ චීන මකරා

ඩොලර් දෙකේ T-Shirt එක

ඩොලර් දෙකේ මකුලුවා

ඩොලර් දෙකේ යුධ ටැංකිය

තනි ඩොලරයේ සමනළයා


වොන් පාර්ක් ජීවත්වෙන ට්‍රක් රථය